.....

ගෙවුණු මේ කාලයම

ස්වප්නයක් වූ නමුදු

සොඳුර අප දෙදෙනාට 

ඇත බොහෝ දුර යන්න..

දරාගෙන සමසිතින්

සතුට වාගෙම දුකත්

අසීරුම තැන් වලත්

අපට වේ හිනහෙන්න

මෙල්ල කළ නොහැකි මේ

අකීකරු ගැහැණු සිත

කරන දුක්වේදනා

හැකි නේද ඉවසන්න..

පිළිණ වූ ලෙසින් අප

අතීතයෙ එක්දිනක්

අල්ලගත් මේ දෑත

පණ සේම රැකගන්න..❤️


No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..