.....

දීග යන දෝනිගෙන්


 

අඩුපාඩු මගෙ කොතෙක් තිබුණත්,

දරාගෙන ආදරේ කරපු

කෙනෙක් මේ ලොව කොහේ ඇත්දෝ

නුබම තරමට සෙනෙහෙ වඩපු..🙂


සසරෙ කල පින් නිමිති කරගෙන

මගේ වී මගෙ ලගම රැඳුණු..

තාත්තේ නුබ මගෙ පනයි

නෙතේ තබමින් මාව රැකපු..


දීග යන්නට අනේ මට බැහැ..

නුබව දාලා ඉක්මනින්..

බරක් නැති නම් අනේ ඉන්නද..

නුබගේ සෙවණේ මතුවටත්..


මහා රජු නුබ මගේ ලෝකෙ

එදා අද මෙන් මතුවටත්..

නිවන් දකිනා ජාති දක්වා

මගේ වෙනු මැන යලි යළිත්..🙏


12 comments:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..