.....

අසෙනිය කුසුමක්.. 01



අසෙනිය කුසුමක්.. 

කඳුළු මත්තෙන් ජීවිතය ඇහිදින ඈ..

පළමු දිගහැරුම..


පොඩ්ඩියෙ.. ඔය ඇති මැණිකෙ. මගෙ මැණික දැන් ලෑස්ති වෙන්න. පරක්කු වෙනවනෙ මැණිකට..

කමක් නෑ තාත්තේ. ඔහොම ඉන්නකො. පරිප්පුව ලිපේ. බතත් හරි. මං ඉක්මනටම සම්බලක් හදල තියලම යන්නම්. මේකත් එක්ක කන්න බෑනෙ..

අනේ ඔය ඇති පොඩ්ඩි. මයෙ දූ දැන් යන්න. මට ඔය ඇති. බස් එක අල්ලගන්නත් බැරි වේවි නැත්තම්

06.15 නම් දැන් ගිහින් ඇති තාත්තෙ. 7 බස් එකටම තමා යන්න වෙන්නෙ. අදට පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ.

අදට පොඩ්ඩක් පරක්කු උනාට කමක් නැතැයි කීවාට හැමදාම මෙහෙමය. උයා පිහා තාත්තගෙ බෙහෙත් තෝරා බේරා දී ගෙදර වැඩ කටයුතු හමාර කර ලෑස්ති වූ විට හයයි කාලටත් කිට්ටු වේ. වෙනදාට නම් පරක්කු වූවත් කම් නැත. එරන්දි මැඩම් මා මෙන්ම මගේ නිවසේ තත්ත්වයද, තාත්තාගේ අසනීපයද හොඳින් හඳුනයි. නමුදු ගිය සතියේ වැඩ භාර ගන්නා ලද අලුත් කළමනාකරු එසේ නොවේ. පරක්කු වී වැඩට පැමිණෙන සියල්ලන්ටම උදෑසනම ඔහුගේ අමිහිරි දේශණයට සවන් දීමට සිදු වේ. ඒ පමණක් නම් කම් නැත. දවසම මහන්සි වී උපයා ගන්නා පඩියෙන්ද නෝ පේ කැපේ. එපා වෙන්නෙත් ඒකමය.

තාත්තේ ඔන්න මං සම්බලකුත් හැදුවා. බතුත් බෙදල තියෙන්නෙ. බෙහෙත් ටිකත් මේසෙ උඩ. බත් කාලා බෙහෙත් ටික බොන්න හොඳේ. උදේටයි දවල්ටයි වෙන වෙනම බෙහෙත් තියලා ඇති. අනේ මතක් කරල බෙහෙත් ටික බොන්න. මං ගිහින් එන්නම් හොඳේ. පරිස්සමින් ඉන්න තාත්තේ. 

තුණුරුවන් සරණයි මගෙ පොඩ්ඩි. පරිස්සමින් යන්න. කලබලෙන් බස් එකට නගින්න එපා මැණික. කල්පනාවෙන් යන්න. ඔෆිස් එකට ගිහින් තාත්තට කෝල් එකක් ගන්න පොඩ්ඩි. තාත්තා බලන් ඉන්නව. 

හරි තාත්තෙ.මගෙ තාත්ත පරිස්සමින් ඉන්නකො. මං යනෝ. තෙරුවන් සරණයි..

තාත්තාට වැඳ ඉක්මනින් නිවසින් පිට වූයේ හංදියට යාමටය. නිවසේ සිට තවත් විනාඩි විස්සක් පමණ හංදියට යාමට ගතවෙයි. හිතේ ප්‍රශ්න කෝටියකි. හතේ බස් එකත් පිටත් වී තිබුනොත් ඔෆිස් එකට යාමට වන්නෙ දහයත් පසු වීය..

අනේ අදත් අර යකා මාව මරන් කන්න හදයිද දන්නෑ. දෙයියනේ බස් එක ගිහින් තියෙන්න එපා. හිතින් දෙවියන් යැද යැද මා පය ඉක්මන් කළෙම්.. හිතේ ප්‍රශ්න කෝටියකි. බැනුම් නම් ඇහුවත් කම් නැත. නමුදු පඩිය අඩු වුවහොත් එය මේ මස කෑමට පමණක් නොව අහිංසක තාත්තාගෙ බෙහෙත් වේලටද බලපායි. ගෙවල් කුලී දීම පමණක් නොව, නිවසේ විදුලි බිල් ගෙවීමද මාස දෙකකින් පසු වී ඇත. සියල්ල කරන්නේ මේ පඩියෙනි.

හෝව්.. කොහේ බලාගෙනද මනුස්සයො යන්නෙ.. මැරෙන්නද ඕන.? අවසිහියෙන් ගිහින් අපිවත් අමාරුවෙ දානවා.. කල්පනාවෙන් යනවකො.

කල්පනා ලොවක ගිලී සිටි මා පියවි සිහියට පැමිණියේ ඒ කටහඬිනි. ඔලුව ඔසවා ඔහු දෙස බැලීමට පවා ශක්තියක් මා සතු නොවේ. සැබවින්ම වරද මාතේය. 

අනේ සමාවෙන්න සර්. ඇත්තටම මම වෙන කල්පනාවක ආවේ. සොරි.. 

බිම බලාගෙනම සිටි මා ඒ වදන් කීවේ ඉතා සෙමිනි. ඔහුට ඇසුණා දැයි පවා සැකය. 

හරි හරි. ඒකට කමක් නෑ. මටත් කේන්ති ගියා. මොකක් හරි ප්‍රශ්නෙකද ඔයා.. කොහේටද යන්නෙ? 

නෑ සර්. එහෙම ප්‍රශ්නයක් නෑ. මං නුගේගොඩට යන්නෙ. මං යන්නම් සර්.. අනේ සොරි.

ඔලුව උස්සා ඔහු දෙස බැලූ මා එවදන් කීවේ තැතිගැන්මකිනි. එසැණින් ඔහුගේ දෑස් හා මගේ දෑස් ගැටිණි. ඒ දෑස් තුළ වූයේ මා පිළිබඳ අනුකම්පාවක් වැනි හැඟීමකි. තළෙළු උස තරුණයෙක් වූ ඔහු සැරසී සිටියේ සුදු පැහැ අත්දිග කමිසයකින් හා කළු කලිසමකිනි. සුදු පැහැ මෝටර් රථයක් පසෙකින් නවතා තිබිණි. 

ඔයාට ප්‍රශ්නයක් නැත්තම් මම ඔයාව ඩ්‍රොප් කරන්නද? මොකද මාත් යන්නෙ ඒ පැත්තට.

නො තෑන්ක්ස් සර්. දැන් බස් එක ඇති. අනේ කරදර වෙන්න එපා මං නිසා මම යන්නම්.

මොන කරදරයක්ද ළමයො. ඔයා දැන් කලබලෙන් ඉන්නෙ. ඒක තේරෙනවා. කැමති නම් නගින්න.

අනේ නෑ සර්. තැන්කිව්. මම යන්නම්.

හරි. අකමැති නම් කමක් නෑ. මට බලකරන්නත් බෑනෙ. එනි වේ පරිස්සමින්. ඕකේ. කෑ ගැහුවට සොරි.

අහ් ඉට්ස් ඕකේ සර්. මගේ අතේනි වැරැද්ද. තෙරුවන් සරණයි සර්..

එසේ කියූ මා ඔහුට පිටුපා යන්නට වූවෙමි.. ඔහු පැවසූවේ සැබෑවකි. සැබවින්ම මා ඉන්නට ඇත්තේ අසිහියෙනි. මා පැමිණ ඇත්තේ පදික වේදිකාවෙන් මිදී පාරෙ මැදකට වන්නය.

ස්ස්ස්ස්.. ස්ස්ස්..

මා නැවත වරක් පිටුපස හැරී බැලුවෙමි..
ඔහු මා දෙසට එනු පෙනේ.. 

කලබලේ නිසා නම අහගන්නත් බැරි උනානි.. ඔයාගේ නම මොකක්ද..

අ.. ආ.. මම විහාරා සර්..
මා පිළිතුරු දුන්නේද බිරාන්ත වීමෙනි.

අහ්.. විහාරා.. ලස්සන නමක්. මම පින්සර.. පින්සර සහන්සිත්.. මේ මගේ කාර්ඩ් එක. මොකක් හරි උදව්වක් ඕනි උනොත් කෝල් එකක් දෙන්න විහාරා. එහෙනම් පරිස්සමෙන් යන්න..

අහ් හරි සර්..

නැවත ඉක්මන් ගමනින් මා ගියේ බස් හෝල්ට් එකටය.

අද නම් මහ පුදුම දවසක්. බස් එකත් ගිහින්ද දන්නෑ. ශික්. දැන් ඔෆිස් එකට ගිහිනුත් බැනුම් අහන්න වෙයි. 
එසේ සිතමින් සිටියදීම බස් එක ඈත එනු පෙනිණි. පාසල් යන කොලු කුරුට්ටන් අතරින්ම මා බසය තුළට රිංගා ගතිමි. 

අනේ ගොඩක් පරක්කු නොවුනොත් හොඳයි. 
එසේ සිතුවත් නුගේගොඩින් බසය නවතන විට අටහමාරටත් ආසන්න විය. 

ඉක්මනින්ම ඔෆිස් එකට ඇතුළු වූ මා පැමිණීම සලකුණු කොට මගේ මේසයෙන් ඉඳගතිමි..

අහ් කෙල්ලෙ.. ගුඩ්මෝනිම් බන්..

ඒ සසිනිය. තාත්තා පමණක් හුන් මගේ ජීවිතයේ හොඳම යෙහෙළිය ඈ ලෙසින් හැඳින්වූවාට වරදක් නැත.

ගුඩ්මෝනින් සසිනියෝ. ලොක්ක ඇවිත්ද?

ඇවිත් බන් අදත් උදේම. 8 වෙද්දිම උඹව ඇහුව.. ආවාම එන්න කියන්න කිව්වා රූම් එක‍ට..

අයියෝ.. දැන් මං යන්න ඕනිද? 

නැතුව වැස්සියෙ. ඉක්මනට පලයන්. වෙනසක් නෑ ඉතින්. අදත් අර දේශනාව අහන් ඉඳලා වරෙන්..


අනේ බනීද බන්..

චුට්ටක් කියවයි. බය වෙන්නෙපා සුද්දි.. ගිහින් බලන්නකො..

***********************************************

විහාරා කියන්නෙ අම්මත් නැතුව හැදුණු කෙල්ලෙක්. කුඩා කාලෙ ඉඳලම විහාරට සිද්ධ උනේ අනේකවිධ අහිමි වීම් දරා ගන්න. විහාරගෙ අම්ම එයාවයි තාත්තවයි දාලා වෙන කසාදයක් කර ගත්තෙ විහාරට අවුරුදු දෙකක් වෙන්නත් කලින්. ඒක තමයි එයාගෙ පළවෙනි අහිමිවීම. එදා ඉදන්ම විහාර හැදුනෙ තාත්තයි, ආච්චි අම්මයි ළඟ. ඉගෙනීමට ගොඩක් දක්ෂ වුණු විහාරා ගොඩක් මහන්සි වෙලා කැපවෙලා ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඉස්කෝලෙ කාලෙ හැමදේකදිම වගේ කෙල්ල කැපී පෙනුණා. විහාර සාමන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න මාස දෙකකට කලින් කෙල්ලගෙ හැමදේටම හිටපු ආච්චි අම්මා මේ ලෝකෙ දාලා ගියා. චූටි කාලෙ ඉදන්ම අම්මගෙ සෙනෙහසක් නොලැබුණු කෙල්ලට අම්ම වෙලා ළඟින් හිටියෙ ආච්චි අම්මා. මේ ආච්චි අම්මගෙ වියෝව කෙල්ලට දරාගන්න බැරි උනත් තාත්ත නිසාම හිත හයිය කරගෙන පාඩම් කරල විහාරා සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් උනා. ගණිත/විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ කරන්න පුලුවන් කම තිබ්බත් කලාවට තිබ්බ ලැදි බව නිසාම කෙල්ල ආර්ට්ස් තෝර ගත්තා. කෙල්ලගෙ ජීවිතේ අසීරුම දවස් පටන් ගත්තෙ මේ දවස් වල. හිටපු හැටියෙම විහාරගෙ තාත්තා ලෙඩ උනා. ආච්චිගෙන් පස්සෙ කෙල්ලට හිටපු එකම හයිය උනු තාත්තගෙ අසනීපෙන් පස්සෙ කෙල්ලගෙ ලෝකෙම කඩා වැටුනා. කැම්පස් යන්න තරම් විහාරා ඒ ලෙවල් පාස් උනත් තාත්තව බලාගන්න කවුරුත් නැති නිසාත්, කෙල්ලට උගන්නන්න වියදම් කරන්න තාත්තට පුලුවන් කමක් නැති නිසත් විහාරා තමන්ගෙ හීන බිල්ලට තියලා තාත්තව පරිස්සම් කරන්න කැප වුනා.. කරදර මැද්දෙන් ඉදිරියට යන විහාරාගෙ ජීවිත කතාව මෙතැන් සිට කියවමු.. විහාරගෙ චරිතය තුළින් ඔබ මා වගේම මෙ සමාජයේ ඉන්න බොහෝ දිරිය දියණියන් ඔබට මුණ ගැසේවි.. 

අදට විරාමයක්..




9 comments:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..