.....

වංග දේශයේ..

වංග දේශයේ රජ සැප කුමටද 
පියාණනේ නුඹ  නොමැති ලොවේ
මහමේරුව සේ නොසැලී ඉන්නට 
සවි බල දුන්නේ නුඹගෙ සෙනේ
මව් හා සොහොයුරු සිටියත් මා ළඟ 
දැනෙනා  තනිකම දැරිය නොහේ
පපුතුරෙ හංගා රැක්කේ කෙලෙසද 
පියාණනේ අප තිදෙන මෙසේ


වංග දේශයේ රජ සැප කුමටද..//


පෙරළා එන මඟ යළි සෙව්වත් මං 
අපමණ රැකවල් මෙහි ඇත්තේ
සිවුමහ දෙවිඳුන් නුඹ විය මගෙ ලොව
ඒ රැකවරණය අද නැත්තේ
වසත්සිරින් පිරි සිත් ගැබ මත්තේ  
ලතැවුල් පමණකි අද ඇත්තේ
තුසිතෙක සව්සිරි සදපු නුඹේ රුව 
දැකගන්නට මට පිං නැත්තේ..

වංග දේශයේ රජ සැප කුමටද..//


ලෙන තුළ සිරකර ඔබ අප රැක්කේ 
පපුවේ ආලය නැතිව නොවේ
නුඹ ළඟ ගුලිවී උන්නු කාලයේ 
ලොව්තුරු අම සුව හදට දැනේ
සනාරසයකින් තෙමමින් මා සිත 
දුන් ඒ සිහිලැල් මහිම  සුවේ
නුඹගේ ගම්භිර තේජස් මහිමය 
පියාණනේ මට  මැවී පෙනේ..

වංග දේශයේ රජ සැප කුමටද...//


No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..