දීග ගිය දෝණිගෙන් අම්මට
සිනහව සතුට ඔවදන් හැම සිතෙහි දරා
බිරිඳක් ලෙසින් පිට වූවත් ගෙයින් එදා
සැනසුම සතුට ටික ටික ඇත දුරස් වෙලා
අම්මේ හනික එන්නද මම නුඹව සොයා
අපමණ මිතුරියන් උන්නත් ගෙවුණු යුගේ
අම්මේ නුඹ වගේ නෑ ඒ කිසි කෙනෙක් අනේ
ඕනම දෙයක් කිව හැක ඇති හිත ගැඹුරේ
නුඹ වගේ කවුරුදෝ මා තේරුම් ගත්තේ
සමහර විටදි රෑ නින්දෙන් ඇහැරෙනවා
අම්මේ නුඹව සිහිවී නෙත් බොඳ වෙනවා
නුඹ හා ගුලිව තතු කිව් හැටි සිහි වෙනවා
ළඟ නැති අඩුව අම්මේ අද වැටහෙනවා
අම්මගේ තුරුලේ උන් ලෙස හුරතල් වෙන්න..
දැන් බෑ අම්මේ යුතුකම් ඇත උතුරන්න...
කම්මැලි විටදි ඇති වෙනතුරු නිදියන්න..
දැන් කොහොමටත් බෑ සිතු සිතු ලෙස ඉන්න..
රසමසවුළු තිබුනත් එය රස නැතුවා
කරනා හැම වැඩයෙහි දොස් ඔහු දුටුවා
සැනසුම සතුට අම්මගේ තුරුලෙහි සඟවා
දීගෙක ගිය දෝණි අද කඳුලැලි බොනවා..

No comments:
Post a Comment