සංසාර මේ චාරිකාවක
සොඳුරු නැවතිල්ලක් සොයා
පියමනින විට මුණගැසුණි මට
නුඹයි ඒ මුදු පෙම්වතා
ගතින් දුරමුත් සිතින් අල්ලා
වෙන් නොවෙන ලෙස දිව් රලා
හිතට තුරුළුව යමුද හිතවත
මල් පිපෙන දිනයක් සොයා..
දුකද සතුටද වේදනාවද
සම සිතින් හැමවිද දරා
බැඳුණු අත්වැල් තර කරමු අප
සිතේ ලැතැවුල් ඉවතලා..
බොහෝ දුර තව යා යුතුය අප
වසන්තයෙ ඉම සොය සොයා
පේනවද අර කොබෙයි රංචුත්
අපේ ප්‍රේමෙන් මත් වෙලා..
නුඹට මා ඇත මටද නුඹ ඇත
අපේ හයියම අප වෙලා
ප්‍රේමයෙන් අප පුරවමුද ලොව
දිව්‍යය සුවඳින් සනහලා..

😍
ReplyDelete❤️
Delete