තියුණු මුවහත්
වචන අවි ගෙන
නුඹේ වෙත
පා කෙරූ
මොහොතක
සෙනෙහෙ මල්දම්
පළඳවා සිත්
ක්ෂණයකින් මා
සැනසුවා..
සැතැවුලින් පිරි
අඳුරු දිනයක
වියරුවෙන් මා
කෑ ගසද්දී
වසත්නල සේ
මෙමා සනසා
සෝ තැවුල් හැම
දුරුකරා..
ලොවේ නෙක්විද
බාධා අබියස
පියවරක්
පසුපසට යද්දී
මගේ සවිබල
මට මතක් කර
ඔටුණු මා හිස
පැළඳුවා
ප්‍රේමයට අන්
උපමා කුමටද
මගෙ ලොවට
සර සඳක් විලසින්
අඳුරු හිත් ගැබ
එළිය වී නුඹ
සනාරසයෙන්
තෙත් කළා..

No comments:
Post a Comment