.....

පන්සලේ ඉන්න බෑ 
තනියි මට බෝම
අම්මගෙ කිරි සුවඳ
මතක් වෙයි තාම

ලොකු සාදු හරි හොඳයි
තාත්තා වගේමයි
ඒ උනත් මට බයයි
අම්මාව ඕනිමයි. 

නුහුරු බණ පද කනට
වැටෙද්දී මිහිරියි
අම්මාගේ නැළවිල්ලේ
හඬත් මට සිහිවෙයි

අම්මියෝ පොඩි පුතුව
එක්කගෙන යන්න
තවත්නම් ඉන්න බෑ
ඉක්මනින් එන්න..

වාසු



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..