.....

සෙනෙහසේ මල් කැකුළු හෙමි හෙමින් පුබුදුවා
කුළුදුලේ ප්‍රේමයට  මාත් මුලපිරෙව්වා
අකීකරු හිත් පොඩිය සීරුවෙන් සනසවා
ප්‍රේමයේ ගඟුල් තෙර අපි තුටින් කිමිදුණා..

කල් යද්දි ජීවිතේ ප්‍රශ්න නම් බෝමයි
සතුට නම් එක් තැනක රැඳෙන්නේ නෑමයි
මුලින් සිටි පෙම්වතා වෙනස් වුණ ගාණයි
ඒක මට වැටහෙද්දි හැරෙන්නට බෑමයි

ඉර හඳත් මං ළගට ගෙනෙන්නම් කියු කෙනා
පොඩි පුතුට මාසයෙන් නොකියාම හැරගියා
කරන්නට මට කිසිත් ඉතිරි වී නැති නිසා
සිඟිති පුතු හදාගෙන කඳුළු බී හිනහුනා

ඔය අතර තවත් තරු මගෙ ලොවේ පෑයුවා
උන්ගෙ තනි මකාගෙන හෙමි හෙමින් බැස ගියා ගෙදර දොර අග හිඟත් එකින් එක වැඩිවුණා
තවත් එකෙකුගෙ බහට අනේ මං රැවටුණා

මහත්තයෝ අහගන්න ඇත්තමයි කියන්නේ
පරවෙච්ච කුසුමකින් නෑ සුවඳ හමන්නේ
දරුවගේ සතුට ඇර නැහැ කිසිත් වටින්නේ
වයලීනේ ගන්නමයි ඇඟ මගේ විකුන්නේ..

වාසූ..

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..