.....

දැරුව මුත් පඬුවතක්..

පඬු වතක් දැරුව මුත් සිත මගේ සසලයි
නැගෙද්දි මතකයට මුලු හිතම නිසලයි

අඬන්නට එපා බන් මල්ලියේ ඔහොම
උප්පාද ථිති භංග එයයි ලොව දහම
කියන්නට උනත් හිත හදාගෙන මෙහෙම
තාත්තාට නිවන් සුව පතන්නේ කොහොම..?

බුදු පුතෙක් උනත් මගෙ හිතත් රිදෙනවා
මල්ලියේ නුඹට සේ මටත් දුක දැනෙනවා
අඬන්නට බැරි නිසා දරාගෙන ඉන්නවා
තාත්තගෙ සෙනෙහසේ අඩුව අද දැනෙනවා

පොඩි කාලේ කර තියාගෙන මාව ගෙන ගියා
පන්සිලුත් කියා දී බුදු දහම මට ළං කලා
වැරැද්දට දඩුවමත් ඔවදනුත් සිහි කලා
තාත්තා නිසා නිවනටම මඟ ළං උනා..

දුක් වින්දා අප හින්දා කරන් හිත හැඩි දැඩී
පිරිමි පපුවට වින්ද දුක් කන්ද හරි වැඩී
ගතේ වෙර නැති උනත් කරන් මුළු හිත දැඩී
තාත්තේ නුඹ අපව හැර යන්න කල් වැඩී...💔

වාසු..



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..