අසෙනියා කුසුම මෙන් පවිත්‍රව වැජබූ
මතක් වෙන තත්පරෙත් සැනසීම මවපූ
මටත් ඇත ප්‍රේමයක් කාටවත් නොකියූ..
පපුගැබුරෙ තියාගෙන ආදරෙන් රැකපු
අකීකරු හිත් පොඩිය සීරුවෙන් සැනසූ
මේ සසරෙ හැමදාම ළඟ ඉන්න පතපූ
මටත් ඇත ප්‍රේමයක් කාටවත් නොකියූ..
හිත රිදෙන ඇසිල්ලක මගේ කඳුළු පිසලූ
අසීරුම තැන් වලත් පෙම් සුවද විහිදූ
වචනයෙන් නොකී පෙම දැනෙන්නම හැරපු..
මටත් ඇත ප්‍රේමයක් කාටවත් නොකියූ..
වාසු..❤️

No comments:
Post a Comment