උපාධිධාරිනියක් කරන්න හීන මවපු තාත්තා..
තාත්තා නොදැක්ක ලෝකෙක ලස්සන,
මට පෙන්නන්න වෙර දරපු තාත්තා,
එයා නොවිදපු සැප සම්පත් අනිවාර්යයෙන්ම මට දෙනව කියල,
අදිටන් කරගත්තු තාත්තා..
මං වෙනුවෙන් ලෝකයක් එක්ක උනත් හැප්පෙන්න
හිතේ හයියක් තිබ්බ තාත්තා..
කරපු එකම වරදකින් මිදෙන්න බැරි උනත්,
හැමවෙලාවෙම මට හරි පාර පෙන්නපු තාත්තා..
එයාල එහෙම කරාට කමක් නෑ, උබ එහෙම වෙන්න එපා පුතේ කිය කිය,
ලෝකෙටම ආදරේ බෙදන්න උගන්නපු තාත්තා..
වැටි වැටි නැගිටපු පුංචි කාලෙ ඉදන්ම,
මේ වෙනකල් මට හයියක් උන තාත්තා..
මගේ දිනුම් දැකල,
මටත් වඩා සතුටු උන තාත්තා..
පරදින වෙලාවල් තිබුනත් ඒවයින් නොවැටී
දරාගන්න කියාදීපූ තාත්තා..
අභියෝග වල අභියෝග කරන්න,
හිතට හයිය දීපු තාත්තා..
ඕනිම ප්‍රශ්නයක්, කඳුළක් උනත්
හිනාවකින් යටපත් කරන්න උගන්නපු තාත්තා..
හීනවලට පාර පෙන්නල, ඒ හීන එකින් එක මං හැබෑ කරගනිද්දි,

No comments:
Post a Comment