.....

තාත්තා..

වෙනදට ගෙදරින් එළියට එන්නෙ
ඔයාගෙ කකුල් දෙක අල්ලල වැඳලා
ඒත් අද මට එන්න උනේ
නිහඬවම බලන් ඉන්න ඔයාගෙ
පොටෝ එකට වැඳලා..
ජීවිතේ හරි මහන්සියි තාත්තේ. 
අත අරින්න හිතෙන වාර අනන්තයි..
කොහොම අතාරින්නද ඒත් මම
මේ පාට කරන්නෙ ඔයාගෙයි,
අම්මගෙයි එකම හීනෙනෙ..💔
එකම එක දෙයක් ඉල්ලන්නද තාත්තේ😞 
අහිතක් නම් හිතන්නෙපා මං ගැන
දෙන්න පුලුවන්නම් දෙනවද මට
හැමදේම දරාගන්න පුලුවන්
හයිය පොඩි හිතක්..🥺
ඒ ඇති තාත්තෙ හොඳටම මට..

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..