.....

පුංචි අපේ ලෝකය නාට්‍ය පිටපත

 චරිත - කුඩා දරුවන්‌ දෙදෙනෙක්‌
  නීතිඥ මහතුන්‌ දෙඳෙනෙක්‌ "
  ගෘහණියක්‌ 
  ඇයගේ පුතා භා දුව
   මේරි
   දිළිඳු දරුවන් දෙදෙනා 
   
 ( පසුබිමින්‌ )
 දුවපල්ලා.. .දුවපල්‌ලා...//
  කන්ද නාය යනෝ
( පසෙක කසල කන්දකි)
  (එය සෙමෙන්‌ සෙමෙන්‌ පහළට රූටා එයි) | 
  
 දිළිඳු දරුවන්‌ දෙදෙනා: 
අන්න අන්න අර අපේ ගේ එහෙම පිටින්ම යටවුණා. එතකොට........එතකොට......අපෙ අම්ම........අප්පච්චි.......
(බීම වාඩි වෙයි) 
 දැන්‌ අපට අම්මත් නෑ.....අප්පච්චින්‌ නෑ......කිරි අම්මා..........නැන්දා.......මාම කචුරුත්‌ නෑ 
 ගීතය- 
 භඬන පොඩි දරුවන්‌ තනිව ඇත.....// 
 මේ පොළව මත්තේ
 කාගෙදෝ වරදින්‌ 
  ( ජවනිකාව වෙනස්‌ වේ) 
  
(නිවසක ඇතුල) 
(කළබලකාරී බව) 

අම්මා : කෝ ඔයා ඊයෙ ගෙනාව ලන්ච්‌ බොක්ස්‌ එක? මං දන්නවා ඒක තාම භෝදලා නෑ 

දුව : භොදන්න චෙලාචක්‌ තිබුනේ නෑ අම්මා.. ඉස්කෝලේවැඩ ඉවරයක්‌ නෑ......

 අම්මා ; කොයි වෙලාවෙද ලන්ච්‌ බොක්ස්‌ හෝදන්නේ හරි... හරි... ගේනවා ඕක මෙහාට.......කුණු බක්කියට ඉඳුල්‌ ටික දාලා
 
දුව ;බකට්‌ එක පිරිලා අම්මා........... 
අම්මා ; එහෙමද........එහෙමනම් මයෙ හොඳ පුතා වගේ ඕක ගෙනිහින් පාර අයිනට දමල එන්න 
දුව :ම්..........පාර අයිනට

අම්මා ;: ඔව්‌ ට්‍රැක්ටරෙන් අරගෙන යන වෙලාවක අරගෙන යයි 
දුව :එතකොට මේ ලන්ච්ෂීට්‌ එක.....සැමන්‌ ටිනුත්‌ තියෙනවා. 

අම්මා : ඔය ඔක්කොම එකටම දමලා ගෙනියන්න ළමයෝ........ අනේ එයාලා කිව්වට ඕවා වෙන්‌ කර කර ඉන්න අපට වෙලාව නෑ. ඉක්මන්‌ කරන්න

 දුව : හරි හරි.........මේං අරං ගියා අම්මා :ඉක්මණට එන්න 
 
 පුතා: පොඩ්ඩක්‌ ඉන්න....... පොඩ්ඩක්‌ ඉන්න.......මේ කාඩ්බොඩ්‌ පෙට්ටියකුක්‌ තියෙනවා.
 
දුව: අන්න අර පාර අයිනට දමලා එන්න.......( තමාටම) 
අම්මා: ඔය ඔක්කොම පිළිවෙලකට දමන්න කිච්චට කෝ අපට වෙලාව......ඒවට තමා නගර සභාවක්‌ තියෙන්නේ කුණු ලොරි දෙක තුනක් එක්ක

(කුණු මල්ල රැගෙන ගිය ළමයා එයි)

දුව :අම්මා.......මුලු ලේන්‌ එකේම පාර දෙපැත්තේ කුණු මලු එහා ගෙදර බ්‍රියටිස්‌ ඇන්ටිත්‌ මං යනකොටම කුණු කූඩයක්‌ අරගෙන ආචා

අම්මා ;එයාට නං මොකද......ගෙදරනෙ ඉන්නේ.....,වෙන්‌ කරල දානව ඇති...... 

දූව :පිස්සුද අම්මා.........මං දැක්ක එයාගෙ ඩස්බින්‌ එකේ ..........ඉඳුල්‌ එක්ක බියර් කෑන්‌ ,...... පොලිතින්‌ ඔය ඔක්කොම. 

 අම්මා :එහෙනං කමක්‌ නෑ........අපි විතරක් වැරැද්ද කරා නං ඔන්න නරකයි. ඔක්කොම වැරැද්ද කලාම එක්කෙනෙකුට ඇඟිල්ල දික්‌ කරන්න බෑ...... 
 (අනෙක්‌ ළමයාද එයි) 
 
පුතා :ඔන්න කාඩ්බොඩ්‌ පෙට්ටියක්‌ පාර අයිනට විසි කළා........බියට්‍රිස්‌ ඇන්ටි කියනවා.....දවස්‌ තුනකින්‌ කුණුලොරිය ආවෙ නෑ කියලා........අදනං එයි කියලා ෂුවර්‌ එකටම.......ගෙදර තියෙන ඔක්කොම කුණු ටික පාර අයිනට දමන්න කිව්වා 
 අම්මා :(සිනාව) ඒ කියන්නේ මිසිස්‌ බ්‍රියට්ස් එයාලගෙ සේරම කුණු දාන්නෙ පාරට ගෙනත්‌ බොහොම හොඳයි.....// 
 
 දුව :ඇත්තටම මං දන්නෙ නෑ......පාර අයිනෙ තියෙන කුණු කව්ද අම්මෙ අරගෙන යන්නෙ
 
අම්මා :කුණු ගෙනියන්නේ නගර සභාවෙන්‌... 

දුව :නගර සභාවට
 අම්මා :පිස්සු ළමයා.......ඒ ගොල්ලෝ ඒවා ගෙනිහින්‌ දමන්නේ අර එහා පැත්තේ ගම්මානෙ අයිනට...... 
 දුව ;එතකොට එහෙත්‌ කැත වෙනවනේ අම්මා........එතකොට එයාල එහේ කොහොමද ඉන්නේ......ඒ කුණුත්‌ එක්ක.

අම්මා :අපි ගෙනිහින්‌ දමනවා නෙමේනෙ

 දුව :;ඒ වුණාට අපෙත්‌ කුණුනෙ......අපි භරි වැරදියි අම්මේ.... 
 අම්මා :මේ...හරි වැරැද්ද කතා කරන්න වෙලාවක්‌ නෑ දැන්‌. තේ එක බිව්වනං ගිහිං ලෑස්ති වෙන්න ......ඉස්කෝලෙ යන්න. 
 අම්මා :ඉක්මන්‌ කරනවා ළමයෝ....ස්කූල් වෑන් එකත් එනවා ඇති.......
 
 (වර්තමානයට) 
 
එයාලා........එයාලා විතරක්‌ නෙමෙයි ආයතනවල නෝනල මහත්තුරු .........ඒ ගොල්ලෝ හිතන්නේ මේ කුණු කන්ද අපේ චස්තුවක් කියලා.දන්නවද මේ කුණුකන්ද නිසා අපි විඳපු දුක.........ගේ පුරා මැස්සෝ.........ඉන්න බෑ දුර්ගන්ධෙ.........වහින කොට කුණවෙන කකුල්‌.......ඒ ඔක්කොම හරි.....අන්තිමට ඒ මහා කුණු කන්ද අපේ ආදරේ උදුරගෙන........අපිව සදහටම තනි කළා.අන්න ඒ නිසයි අපි කියන්නේ එයාලා අපේ මිනී මරුවෝ.

තාත්තා :අපේ සේවාදායකයින්‌ මොනවා කරන්නද.......කුණු ගොඩටම කුණු ටික දමනවා මිස 

නීතිඥයා :උගත්‌ මිත්‍රයට මං පැහැදිලි කරන්නම්‌.......කුණු කියන්නේ සම්පතක්‌........ඔබට තිබුණා අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ක්‍රම 4ක්‌ යටතේ.
 1. අප විසින්‌ භාවිතයට ගනු ලබන ඕනෑම අමුද්‍රව්‍යක්‌ එහෙම නැත්තං අමුද්‍රව්‍යක්‌ එකවරම ඉවත්‌ නොකොට හැකිතාක්‌ නැචත භාවිත කිරීම, උදා: පොලිතීන්‌.....සමහර රටචල පොලිතීන්‌ පාපිසි හදනචා.
 
 2. අනවශ්‍ය විදිහට ද්‍රව්‍ය භාචිතය හැකිතාක්‌ අවම කිරීම. දැන්‌ බලන්න.......අපේ මිනිස්සු හෙම්බිරිස්සාවක්‌ හැදුනත්‌ බෙහෙත්‌ පෙති බොනවා.දේශීය විදිහට ඒක සමනය කරගන්න උත්සාහ කරන්නේ නැතිව...

සේව්‍ය දායකයා : පොඩ්ඩක්‌ (විචාරයට භාදා කරමින්‌) 

නැවතත්‌ නීතිඥයා: මිත්‍රයා පොඩ්ඩක්‌ ඉන්න. තවත් කරණු 02ක් තියෙනවා මට පැහැදිලි කරන්න.
පරිසරයට අහිතකර ද්‍රව්‍ය වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිත කිරීම
 රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කළොත්
 ඊළඟට අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම සත්ත්ව මළ ද්‍රවාවලින්‌ ජීව වායු නිපදවීමට පුලුවන්‌.........පොළිතින්‌,ප්ලාස්ටික්‌ ප්‍රතිචක්‍රීකරණය කරල ඉන්ධන හදාගන්න පුලුවන්‌.
  අන්න ඒ නිසයි මං කිව්වේ අපද්‍රව්‍ය කියන එක නිසි විදිහට භාවිතා කරා නං ඒක සම්පතක්‌ කියලා.දැන්‌ මොකද වෙලා තියෙන්නේ.අපද්‍රව්‍ය ටික ගෙනිහින්‌ අනිත්‌ අයට කරදර වෙන විදිහට ගොඩ ගැහුවා. ඒකෙන්‌ වටින ජීවිත පචා නැති වුණා. අපට වාසනාව උදා කර ගන්න තිබ්බ දෙයින්‌ අපි උදා කරගත්තෙ අචාසනාව.ඒකට වැරදි කාරයෝ මේ හැමෝම.
   (පසුබිමින්‌)නඩු අංක 278-කල්‌ තැබෙනවා ලබන 25 දිනට........ 

ගීතය

මලක්‌ නම්‌ - විකසිත විය යුතුය
ගහක්‌ නම්‌ - පහළට යා යුතුය 
සඳක්‌ නම්‌ - එලියක්‌ ගෙන ඒය
දෙයක්‌ නම්‌ - කළයුතු හරි දේය 

රටක්‌ එක්‌ වී ගොඩ නැගිය යුතු 
ජනතාව යහපත්ම විය යුතු
සියලු සම්පත්‌ තුටින්‌ රැක ගෙන
අනාගතයට ඉතිරි කළ යුතු 
නව යුගය පෝෂණය කළ යුතු

-නැවතත්‌ නිචැසියෝ-

 අම්මා ;මේරී........ මේරී
 
මේරි :එනව නෝනා.....
 අම්මා :රෑට උයන්නත්‌ වෙලාව හරි.......මොනවද මේරි පොළට ගිහින්‌ ගෙනාවෙ. 
 
මේරි: නෝන මහත්තයා අද එළවළු ලාබයි. මම එලෝලු මල්ලක්ම ගෙනාව නෝන මහත්තය දීපු සල්ලි වලින්.

අම්මා: කෝ බලන්න

(එලවලු කූඩය දිගහරියි)(එක්‌ එක්‌ එලවලුව පෙන්වයි) 
මේරි :කැරට්‌............ලීක්ස්‌.........-මාලු මිරිස්‌............වම්බටු පතෝල.... 
අම්මා :අපෙ අප්පේ ..........එලෝලු මල්ලේ විශාල.......... බොහොම හොඳයි. 
මේරි :මේ බලන්න නෝනා එක පනුවෙක්වත්‌ විදලා නෑ.........දුකේ බෑ......... 
(වැඩිමහල්‌ පුත්‍රයා එයි)

 පුතා :අම්මා.......අද අපේ සෞඛ්‍ය පාඩමට කියලා දුන්නා............කෘමි නාශක වලින්‌ තොර ආහාර වේලක වැදකත්කම ගැන. 
 අම්මා :ඒ කිව්වේ. 
 පුතා බලන්න මේරි කියනව එයා ගෙනාව එලවලු මල්ල හරි ලස්සනයි කියල

අම්මා :ඔවුනෙ.........මේ බලන්න චම්බටු................කරවිල මෑ කරල්‌..........ප තෝ ල..............එක මැස්සෙක්‌ වහල නෑ...............බලන්න ලස්සනයි. 
පුතා :ඒත්‌ ඒකෙ ඇත්ත ඒක නෙමෙයි.මැස්සෙක්වත්‌ වහල නෑ කියන්නේෙ...........හරි අපූරුවට කෟමි නාශක ගහලා තියෙනවා.එතකොට මොකද වෙන්නේ.ඒ ලස්සන එලවලු කාල අපි ලෙඩ වෙනවා. 

දුව :ඇයි අම්මේ අපිටත්‌ කියලා දිල නියෙනවා..........ගොම පොහොර කොළ රොඩු.....ඒවායින්‌ කාබඛණික පොහොර හදා ගත්තාම වස විසෙන්‌ තොර ආහාර අපට ගන්න පුලුවන්‌. 

පුතා :ඒක අපට විතරක්‌ නෙවේ............පරිසරයටත්‌ හොඳයිලු.දන්නවද ඒකෙන්‌ පස්‌ ශක්තිමත්‌ වෙලා පාංශු ජීවී ක්‍රියාවලියක් කරනවා.

මේරි :කිරි අප්පේ..........මේ ගොල්ල ඉගෙන තියෙන දේවල්‌...........ඔහොම ඉගෙන ගත්තාම කොහොම වැඩ කරන්න බැරිද අප්පේ................ දුව :ඒ වුනාට අපිත්‌ දැන දැන වැරදි කරනවා 

අම්මා :ඒ මොනවද දරුවෝ.............

පුතා :පරිසරයේ තුල්‍යතාව ආරක්ෂා කරමින්‌ සහ අනාගත පරපුරට භාචිත කළ හැකි පරිදි ස්භාවික සම්පත්‌ නැවත ලෙස භාවිතා කිරීම තිරසර සංවර්ධනයයි
 තාත්තා :මං දන්නවා පුතා...............මං ඉගෙනගෙන ගෙන තියෙනවා.........තිරසර සංවර්ධනයක කෘෂිකාර්මික පැත්ත මොකක්ද කියලා. 
 දුව :කියන්නකෝ......... 
 තාත්තා :නැවත වන වගා කිරීම...........පාරම්පරික දැනුම සහ තාක්ෂණය භාචිතය................ආහාර සැතපුම්‌ අවම කිරිම.................අපද්‍රව්‍ය කළමනාකරණය...............ඒ හැම දෙයක්ම දැනගෙන මං ඒවා නොකරන මිනිස්සු වෙනුවෙන්‌ පෙනී හිටියා.................ඇත්තටම මං ඒ ගැන හුඟක්‌ ලැජ්ජා වෙනවා. 

අම්මා :ඔයා විතරක්‌ නෙමෙයි........මමත්‌......... 
 
තාත්තා :ඇයි
අම්මා :මාත්‌ ඔය හැම දේම දැනගෙන හිටිය............ඒත්‌ මගේ ගෙදර කුණු කූඩයවත්‌ මං භරි ආකාරව කළමනාකරණය කළෙ නෑ..............හැම අපද්‍රව්‍යක්ම එන්න පාර අයිනට විසි කළා...........කොයිතරං ලැජ්ජා නැති වැඩක්ද එ.
තාත්තා :මං හිතාගෙන ඉන්නේ සූර්ය පැනල්‌ එකක්‌ ගන්න. ; ඒකෙන්‌ ස්භාවික ශක්තිය ළභා කරගන්න පුලුවන්‌. " 
අම්මා දැන්‌ ඉතින්‌ අපි අවබොධ කරගත්තනෙ ඒ හැම දෙයක්ම..............
මේරි..............නරකද අපට රස තේ එකක්‌ වක්‌ කළානං.........
 දුව ;රස තේ එක බීලා.............මං යනවා සුමේධ අක්කගෙ චූටි බබා බලන්න.........
 
අම්මා :;ඇත්තමයි........බබා එක්ක ආවෙ ඊයෙනෙ.......
තාත්තා ; පුතා..........සුමේධ ආන්ටිටත්‌ ඕවා කියලා දෙන්න. 
අම්මා :කියන කොටම මේං බබා එක්ක ඇවිත්‌.......... කෝ බලන්න.........:-

තාත්තා : දැන්වත්‌ අපි තේරුම්‌ ගනිමු. ,...........මේං මේ හෙට ලෝකය බාර ගන්න ඉන්න පුංචි දරු පැටිය වෙනුවෙන්‌ තමයි තිරසාර සංවර්ධනයක් කරන්න ඕන කියලා. 
(දරුවන්‌ එහා මෙහා දුවයි) 
 අම්මා ; කොහේද ඔයාල දූවන්නේ.......,
  දුව ; පොලිතීන්‌ වෙනම කඩදාසි වෙනම............... අපද්‍රව්‍ය වෙනම කුණු බකට් එක පිළිවෙලක්‌ කරන්න. 
  තාත්තා ;අනවශ්‍ය ලයිට්‌ නිවන්න........ 
  
අම්මා :වතුර කරාමෙ වහල දමන්න
තාත්ත ;:මිදුලේ කොළ රොඩු ටික කාඛණික පොහොර හදන්න එකතු කරන්න. .

 දුව :දැන්‌. 
 තාත්තා ;දැන්‌...........මේ මොහොතේ ඉදම්...............ප්‍රමාද වෙන්න වෙලාවක් නෑ 
 දුව : හා තාත්තේ

නිමි

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..