.....

නුඹ වෙනුවෙන් එක පැතුමක්❤️


පුදබිමක් හිමි ගං තෙරක 
ප්‍රේමයේ මුල් බිජුව සිටුවා,
පස්වසක් ගිය නමුත් අපි තවම
තැන් දෙකක රැදිලා,
දුක සතුට සම සිතින් ගෙන ඉවසා
ප්‍රේමයේ ගස සවිමත්ව වැඩිලා,

ඉදහිටක චන්ඩ රැළි ඉවුර හා ගැටුණා
ඉවුරු බැමි විටෙන් විට දිය වෙවී වැටුණා
සිසිලසත් උණුහුමත් සුළඟ මත තිබුණා,
ඒ වුණත් ගස අදත් සිනා සී සැලුණා,

කුළුදුලේ පිපුණු මල් දෝතිම්ම ගෙන
පුදසුනක් මත පිළිවෙලට තවරා
බෝ සෙවන යටදි අපි එකට හිද
නෙත් පියන් මොනවදෝ පැතුවා,

හමුවීමෙ වරද අපි සසරටම පවරා
වෙන්වීමෙ දහම සිත මෙනෙහි කෙරුවා,
ඒ නමුත් රිදෙන තැන් මතයෙන් උදුරා
හිමි නැතත් සිනහවම රැකගන්න හැදුවා,

පිබිදීම පරවීම මල්වලට අයිති කරුණක්
තව තවත් වැඩෙන එක ගසට වෙන නපුරක්
ඉදිරිලා වැටෙන්නට පෙර, තවත් එක හවසක්
නුඹ සමඟ තුරු සෙවනෙ රැදෙන එක පැතුමක්

2023.01.19

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..