කඳුළු මත්තෙන් ජීවිතය ඇහිදින ඈ
හයවන දිගහැරුම..
මේක විහාරා ලොකු වගකීමක් තියෙන ජොබ් එකක්. ඔයා මේ ෆීල්ඩ් එක ගැන දන්නවනෙ. මං නැති වෙලාවට මගේ වැඩ ටිකත් හොයල බලල කරන්න වෙන්නෙ ඔයාට. ඒ වගේම ඔයාට මගේ වැඩ වලට ෆුල් සපෝර්ට් එක දෙන්න වෙනව. මේක තමයි විහාරා වැදගත්ම දේ. අපිට එක එක කන්ෆරන්ස් වලට යන්න වෙනව. මීටින් එහෙම කොහේ තියෙයිද කියන්න බෑ. ඩේ අවුටින් වලට යන්න වෙනව. ඒ ගියාම දවස් දෙක තුන සමහර දවසට ඉන්න ඕන. ඒ හැමදේම මැනේජ් කරගන්න පුලුවන් නේද ඔයාට.?
ප්‍රභාශ් එසේ විමසද්දී විහාරා නිරුත්තර විය.
අනේ දෙයියනේ. මං කොහොමද එහෙම කරන්නෙ. අත්තම්මා ඉන්න කාලෙවත් මං ගෙදරින් පිට ඉදල නෑ. ඊටත් තාත්ත අසනීපෙන් ඉද්දි එයාව දාල යන්නෙ කොහොමද? තාත්තා කීයටවත් මේකට කැමති වෙන එකක් නෑ. අනේ ඒත් රස්සාව නැති කරගන්නත් බෑ. මං මොකද්ද කරන්නෙ දැන්😥 අතට ආපු චාන්ස් එක. තාත්තට කිව්වොත් මොනව කියයිද දන්නෑ.
ප්‍රශ්න කෝටියක් හිතේ තෙරපුනත් විහාර එකම එක දෙයක් නිසා මේ දේට කැමති විය.
ඒ තම ආදරණීය පියාගේ ජීවිතයයි.. මන්ද යත් තාත්තට හා විහාරට යන්තමින් වත් ජීවිතය ගැටගහගැනීමට ඇති එකම රස්සාව මෙයයි.
ඕකේ සර්. ඒකට ප්‍රශ්නයක් නෑ.
ප්‍රභාශ් හිත යටින් සතුටු විය. සැබවින්ම ඔහු කෙල්ලව මේ තනතුරට තෝර ගත්තෙ අහේතුකව නොවේ. ඔහුගෙ යටි හිතේ තිබූ යම් අරමුණකුත් මුදුන් පමුණුවා ගැනීමටයි.
දැට්ස් ගුඩ්. එහෙනම් දැන් ඔයාට යන්න පුළුවන්. ශ්‍යාමා ප්‍රමෝශන් ලෙටර් එක දෙයි. හෙට උදෙන්ම එන්න ඔෆිස් එකට..
තැන්ක් යූ වෙරි මච් සර්.
එහෙම කියපු විහාරා ඔෆිස් එකෙන් එළියට ආවේ ප්‍රශ්න කන්දක් හිතේ දරාගෙනය. අසරණ කමටම මෙයට හා කිව්වා මිසක තමන්ටත් නොතේරන හැගුම් ගොන්නකින් විහාරගෙ හිත පිරී තිබුණි.
මේ ගැන තාත්තට කිව්වොත් තාත්තා සතුටු වෙයි. තාත්තගෙ එකම බලාපොරොත්තුව උනේ මං ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට එන එක. ඒත් මේ තාත්තට මගේ අවධානේ වැඩියෙන්ම දෙන්න ඕන කාලේ. මේ වගකීමත් එක්ක මට හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් වෙයිද..? කමක් නෑ එන දේකට මූණ දෙනවා.
සිතුවිලි අතර සැරිසරන විහාරා මුලින්ම මේ පණිවිඩය ගෙන ගියේ තම යෙහෙළිය වෙතටයි.
අදට විරාමයක්..

No comments:
Post a Comment