පේනවද රත්තරන්
මේ අහස
සීතලම හාගල ළග
ලස්සනම හවසක් අද
මේ පායපු හඳ දැක්කම
අනේ මට මැව්නෙම ඔයාව
පේනවද..
අන්න චූටි තරුවකුත් පායලා..
මතකද ඔයාට
තනි තරුවකුයි
පායපු හඳකුයි
ගැන කියල පටන් ගත්තු
අපේ ආදර කතාව..
අර තනි තරුවට නම් දැන් තනියක් නෑලු
හැමදාම හඳ ඒ තරුව ළඟ..
ඔයත් හිටියනම්
මේ සබරෙ අහස යට
මටත් තිබුන ඔයත් එක්කම
මේ හඳ දිහා බලන් ඉන්න..
කතා කරපු මුල් දවසෙ වගේම
හඳටයි තරුවටයි
ඔයාවයි මාවයි උපමා කරන්න..
රජරට අහසත් සබරෙ වගේම ලස්සනද?
අහස දිහා බලන් ඉද්දි
ඔයාටත් මට වගේම තනිද?
එකම එක දෙයක් අහන්නම්
ඇත්තම කියනවද?
ඔයාගේ හඳ බලන්න
ඉක්මනටම එනවද?🙈🙈🙈

No comments:
Post a Comment