.....

මඟ නොමඟ කියා දුන් සියලු ගුරුවරුන් වෙත,

මහා විසල් මැඳුරක
සවිමත් පාදමක් සේ,
සිප් කිරි පොවා යහමින්
ලෝකයක් තනන්නට
කැපවෙනා ගුරු දෙවිවරුන් ඔබය..

නැතිව කිසි ගුරු මුශ්ටි
තමාටත් ඉහළින් වැජඹෙන
පඬිවරුන් බිහිකරන්නට,
ලෝකයට සෙත සදන 
කැපවෙනා ගුරු දෙවිවරුන් ඔබය..

දිසාපාමොක් පරපුරේ
මග යමින් අබිමනින්
හරි වැරදි කියා දී
ලෝකයක් බබළන්න
කැපවෙනා ගුරු දෙවිවරුන් ඔබය..

මිලින වූ කුසුම් පොඩි
ඔවදනින් පුබුදුවා
සෙනෙහෙ පැන් ඉසලන්න
ලෝකයට දිරිය දෙන
මිනිසුන් තනන මිනිසුන් ඔබය..

2022.10.05

රුදුරු මාවත්
සොඳුරු කරනා
සෙනෙහෙ සිත් ඇති
ගුරුවරුන් වෙත..







4 comments:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..