.....

අසෙනිය කුසුමක්.. 05



අසෙනිය කුසුමක්.. 05

කඳුළු මත්තෙන් ජීවිතය ඇහිදින ඈ


ඔව් සර්. තේරුනා. අනේ මගේ අතින් මොකක් හරි වැරැද්දක්වත් වෙලාද සර් ඔහොම කියන්නෙ..

නෑ නෑ දරුවො. එහෙම දෙයක් මම ඔයාට මේ ෆීල්ඩ් එක ගැන දැන්වත් වෙන්න කිව්වෙ. දැන් අපි කෙලින්ම කාරණාවට එමුකො.

එහෙම කියද්දි නම් විහාරගෙ පපුව ගැස්සුනා. ප්‍රභාශ් ආයෙ කතා කර කර හිටපු මාතෘකාවට ආවා. 

මේකයි විහාරා, ඔයා මෙච්චර දවසක් මේ ඔෆිස් එකේ පබ්ලිශින් ඇසිස්ටන් කෙනෙක් විදියට තමයි අපිත් එක්ක වැඩ කරේ. මම ආපු දවසෙ ඉදන් මේ කම්පැනි එකේ සේවකයො ගැන ලොකු අවධානයකින් හිටියෙ. මම හැම කෙනෙක්වම හොඳට ස්ටඩි කරා. මට ආපු මුල් දවස්වලම තේරුනා ඔය ළමයා ගොඩක් දක්ශ ළමයෙක් කියලා. පොඩි ප්‍රශ්නෙකට තිබුනෙ හැමදාම පරක්කු වෙන එක. දැන් ඒ ප්‍රශ්නෙත් හරි. මම කැමති ඉස්සරහට යන්න දක්ශතාවයක් තියෙන මිනිස්සුන්ට ඒකට උදව් කරන්න. විහාරා මම ඔයාව ප්‍රමෝෂන් කරන්න හිතුවා පෝස්ට් එකකින්. ඒ කියන්නෙ ඇසිස්ටන් මැනේජර් විදියට. කොහොමත් ඒකට වේකන්සි එකක් තිබ්බා. ඒ වේකන්ස් එක ෆිල් කරන්න එළියෙන් මනුස්සයෙක් ගන්නවට වඩා මේක ඇතුළෙම මනුස්සයෙක්ට චාන්ස් එකක් දෙන එක හොඳයි කියලා මට තේරුනා. මොකද මේ ෆීල්ඩ් එකේ ගොඩක් එක්පීරියන්ස් මේකෙම හිටපු කෙනෙක්ට තියෙනව. එහෙනම් විහාරා බෙස්ට් ඔෆ් ලක් අලුත් පෝස්ට් එකට. වැඩ ටික හොඳින් කරගෙන යමු.. මම ප්‍රමෝශන් ලෙටර් එක ශ්‍යාමාට කියන්නම් ලෑස්ති කරන්න කියල. හෙට ඉදන් ඔයාට වැඩ භාර ගන්න පුලුවන්.

ස... සර්.. මේ මම? ඇසිස්ටන් මැනේජර්.. අනේ.. මට මේක හීනයක් වගේ.. මේ ඇත්තමද සර්..

ඔව් දරුවො. ඇයි මේ..

විහාරගෙ කඳුළු බේරෙන දෑස් දැක ප්‍රභාශ් එසේ ඇසුවේ පුදුමයෙන්.

අනේ නෑ සර් මට හිතා ගන්න බැරි උනා.. මං කොහෙත්ම බලාපොරොත්තු උනු දෙයක් නෙවෙයි මේ..

එහෙම කියන්නෙපා විහාරා. ජීවිතේ අපි හැමදාම එකම තැනක ඉදලා බෑ. ටිකෙන් ටික ඉස්සරහට යන්න ඕන. අනික ඔයා හොඳට ඉගෙන ගෙන තියෙන ටැලන්ටඩ් ළමයෙක්. 

ප්‍රභාශ් එසේ කියද්දිම විහාරට මතක් උනේ අත්තම්මව. අද ඇය සිටියා නම් විහාරා මීටත් වඩා හොඳට ඉගෙන ගන්නා බව විහාරා දැන සිටියා. නමුත් අවාසනාවකට ප්‍රශ්න සියල්ලම මතු වුනේ එක දිගට. යට ගිය අතීතය හාර අවුස්සා පලක් නොවන වග විහාරට වැටහුනා. නමුත් ඉදිරියේදි සියල්ල හොඳින් සිදු වේ යැයි ඇය විශ්වාස කරා.

අනේ පිං සර්. ගොඩක් පිං. සර් මේ වෙලාවේ මට කරේ ලොකුම ලොකු උදව්වක්.

ඉට්ස් ඕකේ දරුවො. මේක ඔයාට ලැබෙන්න තිබුණු දෙයක්. හැබැයි මේ දේවල් ටිකත් හොඳට මතක තියාගන්න.

ප්‍රභාශ් විහාරාට කුමක් පවසාවිද????


අදට විරාමයක්.


2 comments:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..