.....

අසෙනිය කුසුමක්.. 04



අසෙනිය කුසුමක්.. 04

කඳුළු මත්තෙන් ජීවිතා ඇහිදින ඈ

සිව්වන දිගහැරුම

සුනේත්‍රාට එක්වරම සිහියට නැඟුණේ තම වැඩිමහලු පුත්‍රයා වූ සහන්වය. ඇය ඔහුට ඇමතුමක් ගත්තාය.

☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎

හෙලෝ පුතේ සහන්

ඔව් කියන්න අම්මේ

අනේ පුතේ මල්ලිට පොඩ්ඩක් කෝල් කරලා අහන්නකො කොහෙද යන්නෙ කියලා. දවස් දෙක තුනකට ගෙදර එන්නෑ කිවුවා පුතේ. අනේ මට පින්සර ගැන බයයි පුතේ.

අනේ අම්මේ මේ විකාර නොහිත ඉන්න. ඌ ඔය කොහේ හරි ඉදලා ඒවි. අනික ඇඟිල්ලෙන් ඇන ඇන උගේ ගැන හොයන්න ඌ පොඩි එකෙක් නෙවෙයිනෙ. මම තියනව. මට වැඩ තියෙනව.

අනේ පුතේ ඒත් මගෙ කොල්ල මේ දවස් ටිකේම ගොඩක් අව්ලෙන් හිටියෙ. මට බය මේ කොල්ලා වැරදි දේවල් වලටවත් පුරුදු වෙයි කියලා.

ඌට ආයේ අමුතුවෙන් කරන්න වැරැද්දක් ඉතුරුවෙලා නෑ අම්මෙ. අම්ම අම්මගෙ වැඩක් බලාගන්න. 

ට්‍රීං ට්‍රීං ට්‍රීං

ඇමතුම විසන්ධි විය.

දෙයියනේ කාටවත් දැනෙන්නෑනෙ මගෙ දුක. මගෙ කොල්ල මෙහෙම ගියොත් විනාශ වෙලා යයි. අපිමයි කොල්ලව මේ තැනට ඇදල දැම්මෙ. මේ වැරැද්ද අපිම හදන්න ඕනි.

*********************************************** 
මාස දෙකක් පමණ මෙසේ ගතවිය. 

විහාරාගෙ දින චර්‍යාව සුපුරුදු ලෙසින්ම කාර්‍යබහුල විය. පාන්දර තුනයි තිහට පමණ අවදි වන ඇය පහ හමාර වන විට ඔෆිස් යාමට නිවසින් පිට වෙයි. නැවත එන විට රාත්‍රී අටද පසු වෙයි. නිවසේ කටයුතු නිමකොට, තාත්තාගේ වැඩ කටයුතු ද සිදු කොට නින්දට යනවිට දොළහට ආසන්න වේ. 

පොඩ්ඩි.. මගෙ කෙල්ලව ඇදිල ගිහින්නෙ මැණිකෙ.

අනේ නෑ තාත්තේ. ඒ තාත්තට පේන හැටි වෙන්ටැ.

කෙතරම් දුක් වින්දත් ඒ සියල්ල තාත්තා වෙනුවෙන් සතුටු සිතින් දරාගැනීමට විහාරාට හැකි විය.

දිනක් උදෑසන කාර්යාලය වෙත ගිය විහාරා සුපුරුදු පරිදි තම කාර්‍යන්හි නිරත වී සිටින අතරතුර ඔෆිස් දුරකථනයට ඇමතුමක් ආවේය. 

හෙලෝ..

හෙලෝ විහාරා

අහ් ඔව් සර්.

විහාර මගෙ රූම් එකට එන්න.

ඕකේ සර්.

අදත් මොකක් හරි මරාලයක් පාත් වෙන්නද දන්නෑ. එසේ සිතූ විහාරා මැනේජර්ගේ රූම් එක වෙත ගියාය.


පොත් මුද්‍රණ ආයතනයක් වූ එහි නව කළමනාකාරීත්වය හෙබවූයේ ප්‍රභාශ් සෙනෙවිරත්න මහතාය. වයස අවුරුදු හතළිහකට ආසන්න වූවත් පෙනුමෙන් එපමණ වයසක් පෙනෙන්නෙ නැත. 

සර්.. 

යෙස් විහාරා කම් ඇන්ඩ් සිට් ඩවුන්.

තෑන්ක්ස් සර්.

එසේ කිවූ විහාරා අසල තිබූ කැරකෙන පුටුවේ අසුන් ගත්තා ය. 

මං විහාරට වැදගත් දෙයක් කියන්නයි කතා කරේ 

ඒ මොකද්ද සර්?

විහාර අපේ ඔෆිස් එකේ වැඩට ඇවිත් කොච්චර කල්ද?

දැන් අවුරුදු දෙකකට කිට්ටුයි සර්.

මුලින්ම ආවෙත් මේ පොස්ට් එකටමද? 

ඔව් සර්.

දැන් වයස කීයද විහාරගෙ.

දැන් විසි දෙකයි සර් මට. මං ඒ ලෙවල් ලියපු ගමන්මයි ආවේ.

ඒ ලෙවල් රිසාල්ට් කොහොමද? 

ත්‍රී ඒස් සර්. කැම්පස් දැම්මෙ නෑ ඒ උනාට.

අපරාදෙනි ළමයො. ගෙදර කව්ද ඉන්නෙ..

මායි තාත්තයි විතරයි සර්. 

අහ් එහෙනම් ගෙදර ප්‍රශ්නත් ගොඩක් ඇති නේද?

තමාගෙ ප්‍රශ්න මෙලෙස පිටස්තරයෙකු හා දිගෑරිමට අකමැති වූවත් ප්‍රභාශ් අතුරු ප්‍රශ්න ඔස්සේ යම්තාක් දුරට විහාරාගේ පවුල් පසුබිම අනාවරණය කරගත්තේය. 

හරි විහාරා. මේ කම්පැනි එකේ දිගටම වැඩ කරන්න ඔයා කැමතිද?

අනේ ඔව් සර්. ඇයි සර් එහෙම අහන්නෙ?

නෑ විහාරා මං අද ඔයාට මෙතනට එන්න කිව්වෙ වැදගත් තීරණයක් ගැන කියන්න. ඔය ළමය දන්නවනෙ මේක ලංකාවේ හොඳ නමක් තියාගෙන ඉන්න අංක එකේ පොත් මුද්‍රණායතනයක්. අවුරුදු එකසිය ගාණක් තිස්සෙ අපිත් එක්ක විවිධ මිනිස්සු ගණුදෙණු කරනව. ඒ වගේම හොඳ කස්ටම් බේස් එකක් අපිට තියෙනව. ලංකාවේ හොඳම කතුවරු පිරිසක් අපිත් එක්ක ඉන්නව. ඉතින් මෙතනට ඕනි ගොඩක් උනන්දුවෙන් වැඩ කරල ඉස්සරහට යන්න පුලුවන් මිනිස්සු ටිකක්. එක්කෙනෙක් මෙතනින් එළියට යද්දි ඒ තැන ගන්න මිනිස්සු දහයක් විතර බලන් ඉන්නවා. 

එහෙම කියද්දි නම් කෙල්ලගෙ හිත චුට්ටක් ගැස්සුනා. ඒ පාර මෙයා මොනවද මේ කියන්න හදන්නෙ. මාව අස් කරල අලුත් කෙනෙක් ගන්නවත් හදනවද.. ඒත් දෙයියනේ මම වැරැද්දක් කරේ නෑනෙ.


අදට විරාමයක්..

2 comments:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..