ගණිකාවකගේ පාපොච්චාරණය
නොතේරෙන පොඩි වයසකදි
මාත් ප්‍රේමෙට මුලා වූවා..
කියූ සැණෙකින් පවා ඉර හඳ
මගේ පාමුල ගෙනත් තිව්වා
හිස් වචනවල පෙම දවටලා
මගේ හිත ඔහු මුලා කෙරුවා
සන්තකට තිබු හැමදේම මං
ප්‍රේමයේ නාමෙන් ඔහුට පිදුවා
දිනෙන් දිනයට ගෙවී යන කොට
වෙනස් කම් නම් හුඟක් දැනුනා
මගේ පණ ටික කියා ඇමතූ
වචන ටික ටික තදට දැනුනා
ගැහැණු ඉව බෝ තියුණු හන්දා
මාත් සැණෙකින් සොයා බැලුවා
ගැබිණි කතකගෙ සැමියා වූ ඔහු
මාව රවටා ගොසින් තිබුනා
හිතා ගන්නට නොහැකි තරමට
මාත් අසරණ වෙලා තිබුනා
කරගන්න කිසි දෙයක් නැතිකොට
තවත් අයෙකුගෙ සහය පැතුවා
අතින් අතටම පාව ගොස් යලි
මෙහෙම තැනකට යළිත් වැටුනා
හිතේ තුන් මස දනත් දී මං
ආත්මය රුපියලට වික්කා..

✍️💔🌹........
ReplyDelete