.....

මගේ නොවන ඇගේ පෙම වෙත..


ජීවිතේ ගිනි බත් වුනත් අද
කාලයක් මං හීන දැක්කා
පෝරු මස්තක මඟුල් ගී මැඳ
ඒ හීන වල මාත් උන්නා
ඔහුගෙ පතිනිය වෙලා දවසක
එන්න අදිටන් මාත් කෙරුවා
දවා අලුකර මගෙ හීන හැම
ඔහු ඇගේ පණ වේලා තිබුනා..

ජීවිතේ මට වැරදුනේ නෑ
ඔහු ඇවිත් එය වැරදුවා
සිහින මාලිග මා තැනුවෙ නෑ
ඔහුම ඒවා තැනෙව්වා
තුටු සිනා මිස කඳුල නොම හුරු
දෑස් කඳුලින් තෙත් කලා
වියරු හීනෙක සැරිසැරූ මා
එකී හීනෙන් මිදෙව්වා

මිරිගුවක් දැක නතර වූ හිත
කොහොම හරි මං හදන්නම්
සුව නොවෙන යම් කැලැල් තිබුනොත්
මතක කඳුලින් තවන්නම්
සිහිනයේ උන් මගේ හිමි සඳු
ඇගේ හිමි බව සිතන්නම්
බැරිම තැනකදි ඔහුට පෙම් කළ
බොළද හිත මං මරන්නම්..

1 comment:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..