.....

අසෙනිය කුසුමක්.. 02


අසෙනිය කුසුමක්.. 02

කඳුළු මත්තෙන් ජීවිතය ඇහිදින ඈ..

දෙවන දිගහැරුම


Sir.. may i come in?


Yes vihara, come..

ගැහෙන ඇගිලි තුඩු වලින් ඒ වීදුරු කාමරයේ දොර විහාරා තල්ලු කරේ හිතේ චකිතයකින්. ඇත්තටම කෙල්ල හිටියෙ ගොඩක් බයවෙලා. මොකද තාත්තටයි, කෙල්ලටයි ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබුනේ මේ රස්සාව විතරයි. ඒකත් නැති උනොත් කර කියාගන්න දෙයක් විහාරට හිතා ගන්නවත් බෑ.

ගුඩ් මෝනින් සර්.. සර් මට එන්න කිව්වද?

ගුඩ් මෝනින් විහාරා.. ඔව් මම සසිනිට කිව්ව විහාරා ආවම කැබින් එකට එන්න කියන්න කියලා. විහාර මම කතා කරේ වැදගත් දෙයක් කියන්න ඔයාට.

ඒ මොකද්ද සර්..

මේක මගෙ රස්සාවේ අන්තිම දවස වෙයිද දෙයියනේ.. කෙල්ල එහෙම හිතුවට කියන්න ගියේ නෑ. 

විහාර දන්නවනෙ මේ ඔෆිස් එකේ රූල්ස් ගැන. හැම සේවකයෙක්ම 8 වෙද්දි ඔෆිස් එකට ඇවිත් ඉන්න ඕන. ඒක මේකෙ අතුගාන සේවකයගෙ ඉදන් කළමණාකාරීත්වය දක්වාම කොමන් රූල් එකක්. මම දැන් දවස් තුන හතරක්ම නෝට් කරන් හිටියෙ විහාර හැමදාම එන්නෙ අටහ මාරත් පහු වෙලා. මම ඒ ඇයි කියලා අහන්නෙ නෑ. ඒක මට අදාළ දෙයක් නෙවෙයි. කරුණාකරලා වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න. අටට කලින් ඔෆිස් එකට එන්න. හැමදේටම වඩා තමන්ගෙ රස්සාවට ආදරේ කරන්න පුරුදු වෙන්න. එහෙම කරන්න බැරි මිනිස්සු මේ ඔෆිස් එකේ ඉන්න ඕන නෑ. එයාලාගෙ අඩුව පුරවන්න ඕන තරම් අය එළියෙ බලන් ඉන්නවා. මේක මගේ ලාස්ට් වෝනින් එක. මම හිතනවා විහාරට මම කියන දේ පැහැදිලි ඇති කියලා. 

කඳුළු පුරවගත්තු ඇස් දෙක බිමට හරවගෙන කෙල්ල හැමදේම අහන් හිටියා. ඇත්තටම මේවට කියන්න කිසි දෙයක් විහාරා ළඟ නෑ. තමන්ගේ පෞද්ගලික හේතූ කාරණා මේ ආයතන ප්‍රධානීන්ට වැඩකුත් නෑ. විහාරට ආයේ ආයෙත් එරන්දි මැඩම්ව මතක් උනා. ඇත්තටම ඇය කොයි තරම් හොඳයිද? විහාරගෙ පවුල් පසුබිම දැනගත්තට පස්සෙ ඇය කවදාවත් ඇයි පරක්කු වෙලා ආවේ විහාරා කියල අහල නෑ. මේ දේවල් කල්පනා කරද්දි විහාරට තවත් දුකයි.

ඔව් සර් මට තේරුනා. මම මීට පස්සෙ ඔන් ටයිම් එනවා සර්.

දැට්ස් ගුඩ්. දැන් ඔයාට යන්න පුළුවන්.

ඔකේ සර්.

විහාරා බිම බලාගෙනම ඒ සීතල වීදුරු කාමරෙන් පිට උනා. ඒ.සී කාමරයක් උනත් විහාරට කිසිම සුවපහසුවක් ඒ තුළ දැනුන්නෑ. ඒ සීතල පරදවමින් විහාරගෙ හිත ගිනිගත්තා. විහාරා තම ආසනයට නොයාම ලන්ච් රූම් එකට ගියා. 

ඇයි දෙයියනේ මට මෙහෙම වෙන්නෙ.. තව දවසක් දෙකක් පරක්කු උනොත් මේ රස්සාවත් නැති වෙනවා. 

කෙල්ලේ..

ඉකි ගසමින් අඬ අඬ හුන් විහාරා අසලට ආ සසිනි ඇයව තම උරහිසට වත්තම් කරගත්තා.

මොකෝ උනේ මැණික.. ඇයි මේ..

අනේ සසිනි... මං මොකද බන් කරන්නෙ.. මට මේ රස්සාව නැති වෙයිද..

ඇඬිල්ල නවත්තලා කියපන්කො මොකද උනේ කියලා..

සර් කියෙව්වා බන්. ලේට් වෙලා එන්න එපා කිව්වා. මට දුක සර් කියපු දේවල් වලට නෙවෙයි බන්. මට භය මේ රස්සාව නැති වෙයිද කියලා. ඒ භයටයි මේ කඳුළු එන්නෙ..😥😥😥 අනේ තාත්තව බලාගන්නෙ කොහොමද බන් මං මේක නැති උනොත්..

හරි හරි දැන් නාඩ ඉඳින්කො. එහෙම මුකුත් වෙන්නෙ නෑ.. ඔය බලහන් මූණත් රතු වෙලා.. කෝ කඳුළු පිහ ගනින් මේකෙන්. 

එහෙම කියපු සසිනි තම අතේ තිබූ ලේන්සුවෙන් විහාරගෙ කඳුළු පිස දැම්මා. ඇත්තටම සසිනි තුළත් විහාර පිළිබඳව තිබුනෙ ලොකු අනුකම්පාවක්. ඇය ජීවිතය දරාගන්නා සහ ඊට මුහුණ දෙන විදිය පිළිබඳ පහන් හැඟීමක්. ඇයට විහාරා කරන කැපකිරීම් වලින් හතරෙන් එකක්වත් කළ නොහැකි බව සසිනි දැන උන්නා. 

කෙල්ල අපි දැන් යමු. ලොක්කා මේවත් බලන් ඇති. දන්නෝනි කැමරා හැම තැනම. ඒ මදිවට කේලම් කියන උනුත් ඉන්නවනෙ. හෙට ඉදන් ටිකක් උදේම එන්න බලමු. භය වෙන්නෙපා රස්සාව නැති වෙන්නෑ.

විහාර හිතා මතා පරක්කු නොවන බව සසිනි හොඳින් දැන සිටියද ඇය විහාරාගේ සිත සැනසුවේය. 

*********************************************
.
.
.
.
.
.

චූටි පුතා.. චූටි පුතා.. දොර අරින්න ළමයො.

ඇයි ඇයි අම්මා.. වද නොදී යන්නකො.

වද නොදී.. ඇයි දරුවො ඔහොම කතා කරන්නෙ. මම ඔය දරුවගෙ අම්මා. දැන් අපිව වදයක්ද..

අම්මලගෙම වැඩ නිසා තමා මෙහෙම කතා කරන්නෙ.

සුනේත්‍රාට දැනුනේ මහා පසුතැවීමකි. පින්සරගේ හැසිරීම දිනෙන් දින වෙනස් වෙයි. සැබවින්ම මේවාට ඔවුන්ද වක්‍රාකාරව හෝ වගකිව යුතුය. ව්‍යාපාරිකයෙකු වූ පින්සරගේ පියා සරත්ට සිය බාල පුත්‍රයා පිළිබඳ එතරම් හැඟීමක් නැත. නමුදු සුනේත්‍රා එසේ නොවේ. ඈ සිය පුතණුවන් දෙදෙනාට හා එකම දියණියට ප්‍රාණසමව ප්‍රේම කරන්නී ය. තවත් එතන සිටීමට නොහැකි අපහසුතාවක් දැනුණු හෙයින් සුනේත්‍රා පින්සරගේ කාමරය අසලින් පිට වූවා ය. 

මචන් කවීෂ උඹ හවස වැඩක්ද? 

නෑ සරෝ.. කියපන්.

පින්සර ඒ ඇමතුම ගත්තේ ඔහුගේ හොඳම යහළුවා වූ කවීෂට ය. කවීෂ පින්සරව අමතන්නේ සරා ලෙසිනි.

මචං මට පිස්සු වගේ බන්. මට චුට්ටක් රිලැක්ස් වෙන්න ඕනි. මම හවසට එන්නද උඹව හම්බ වෙන්න.

ෂුවර් මචන්. හවසට වරෙන් ගෙදර ට. මම හය වෙද්දි එනව ඔෆිස් ගිහින්. 

ඕකේ මචන්.

පින්සරගේ ජීවිතයේ කවීෂ නොදත් දෙයක් නැත. ඔහු සියල්ල තම මිත්‍රයා හා බෙදාහදා ගනී. පින්සර මේ පසු කරන්නෙ තම ජීවිතයේ ඉතා අසීරු කාල පරිච්ඡේදය කි. ඔහුගේ ජීවිතයේ කොටසක් මත් පැන් ලෙසින් හැඳිවූවාට වරදක් නොවේ. පාසල් අවදියේ මත්පැන් ප්‍රතික්ශේප කර මිතුරන්ටද බණ දෙසූ පින්සරගේ ජීවිතය දැන් කණපිට පෙරළී ඇත. එයට හේතු ගණනාවක් තිබේ. ඔහු ඒ සියල්ලටම හේතු සොයන්නේ මත්වතුරිනි.

හවස කවීෂ සොයා ගිය පින්සර ඔහු හා තම දුක බෙදාගත්තේ ය.

හරි දැන් උඹ මොකද්ද කරන්න හිතන් ඉන්නෙ කියපන්කො.

මට හිතාගන්න බෑ මචන්. මුළු ලයිෆ් එකම අවුල් වෙලා.

ඔහොම වෙච්ච පළවෙනි මිනිහ උඹ නෙවෙයි බන්. දැන් චුට්ටක් හිත හදාගනින්කො

කොහොම හිත හදාගන්නද බන්. මං දැන් මොකටද ජීවත් වෙන්නෙ. මේ හැමදේටම වගකියන්න ඕනි අප්පච්චි. උන් ඔක්කොම එකතු වෙලා මගේ ජීවිතේ කෑවා බන්.

අඩෝ එහෙම හිතන්න එපා බන්. ඒ මිනිස්සු උනත් උබට නරකක් කරන්න හිතන්නෙ නැතුව ඇති බන්.

නරකක් කරන්න හිතුවෙ නැති උනාට වෙලා තියෙන්නෙ නරකක්නෙ බන්. මුල ඉදන්ම මට හිතුනා මේ දේ වෙයි කියලා.

මචන් ඉස්සර උබ කොච්චර ආතල් එකේ හිටියද? අපේ ගැන් එකේ හැන්ඩ්සම්ම ආතල්ම පොර උබනෙ. ආයේ ඉස්සර සරා වෙයන් බන්.

ඒ සරා මැරිලා ගොඩක් කල් මචන්. මැරිලා නෑ. ඌව අපේ ගෙදර උන් මැරුවා බන්

පින්සරට තම ජීවිතය ගැන තිබුනේ අප්‍රසන්න බවකි. ජීවත් වෙන්නන් වාලේ ජීවත් වීමට ඔහු තීරණය කලේ මීට දෙවසරකට පෙරදීය. තමන්ගේ ජීවිතය දිනෙන් දින අගාධයට යන බව ඔහු දැන සිටියත් ඉන් ගොඩ ඒමට මඟක් ඔහුට සොයා ගැනීමට නොහැකිය. තම දිවියේ අනික් සියළු දේ පසෙකට දමා ඔහු මත් පැන් ළං කරගත්තේ එහෙයිනි.

අදට විරාමයක්.


1 comment:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..