හාවාගල ඉස්මත්තේ
ඇති අසිරිය දකින්න,
සුන්දර කදු පන්ති තුළින්
සබරෙ අහස බලන්න
නෝක්කාඩු ලෙසින් වැටෙන
පොඩි වැහි බිදු පිසින්න
සීතල හිමිදිරි උදයක
වලව ළඟින් හැරෙන්න..
හුණ්ඩුව තුළ සිනා සිසී
දවසම ගත කරන්න
බුදු සාදුට මලුත් පුදා
සැමටම සෙත් පතන්න
සුන්දර සරසවි දිවියේ
දින එකෙනෙක ගෙවන්න
බෙළිහුල් ඔය සිසිළ බෙදන
සබරෙ ළඟින් හැරෙන්න
තනිකම දැනුනොත් ඉදහිට
මැට්ටට ගොඩ වදින්න
මිතුරන් හා එකතු වෙලා
බත් පත රස විදින්න
මහින්ද පොකුණේ ඇති ඒ
පිළිමෙට පණ පොවන්න
පාළු දැනෙන හැන්දෑවක
බැලුම්ගලින් හැරෙන්න..
.jpg)
No comments:
Post a Comment