.....

හාගල සිසිළස

හාගල කඳු සුළං මතින් නෝක්කාඩු හඬ ඇසෙද්දි
ආදර කඳු මුදුන් සොයා විහඟ රෑන් ඉගිල යද්දි
සරසවියේ සොඳුරු කොනක වෙන උන් පෙම් සොයද්දි
නුඹ දුන් දුක් කඳුළු සිතට මහ මෙර ලෙස මට හැගෙද්දි

සමනොළ වැව සුළං මතින් 
ආදරයට පාට දෙන්න..
බෙලිහුල් ඔය නැවුම් සිසිල
විඳගන්නට වරම් දෙන්න
තනිකම හුරු මේ දෑතට 
සවියක් වී ළඟින් ඉන්න
ආදර කඳු පාමුල ඇති
මේ අහසට ඔබත් එන්න..


වාසනා වීරසිංහ



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..