මවුපියන්ගේ සෙනෙහෙ හැර දමා එක් දිනෙක
තනි වුනා මම කිසිත් නොදන්නා නගරයක
එදා සිතුනත් යන්න මවු සෙනෙහෙ තුරුලටම
සබරෙ මව දැන් හුරුයි මවුපියන් විලසටම
සොයුරු කැළ හා එක්ව ගෙවන විට දින මාස
ජීවිතය කුමක්දැයි දැනෙයි එහි ඇති අරුත
අදර කදු සොයා ආ සබරගමු වසන්තය
විදින්නට හැකි වුනේ මේ උතුම් සෙවණේය
ආදරෙයි සදාදර සබරෙ සරසවි මවට
උගනෙමිය මම ශිල්ප ඔබ තුරුළෙ හිද සොදට
ජීවිතය කියා දුන් මේ මහා පිං බිමට
හිස නමා වදින්නෙමි ණය ගැතිය මම ඔබට

No comments:
Post a Comment