.....

උදාවූ සබරගමු වසන්තය


සබරගමු වසන්තය විදින්නට මිස
විදවන්නට නොවන වග
හදවතට පසක් කොට 
විදගමු අපිත් මේ හාගල සිප එන
මද පවන..

සිව් වසරකින් දරණ උපාධි ලෝගුවෙ
සැගවී ඇති මාපිය දුක් සුසුම් 
මතකයේ රදවගෙන..
පියනගමු අපි අදර කදු අතර ඇති
මෙපිං බිම සොයා ගෙන..

විදුලොව අඹරෙහි දිදුලන
සබරගමු සරසවි මෑණියන්ගේ
සෙනෙහෙ විදිමුද අපිත්
සමනොල වැව් ඉස්මත්තේම හිදිමින්..

රැග්, පිකටින් නෝක්කාඩු කෙරුවත් 
විටින් විට..
එනමුදු කම් නැත විදගමු උණුහුම
ආදර සරසවි මෑණියන්ගේ 

උදා වූ මේ වසන්තය
විදවන්නක් නොව විදින්නක් කරගමු
සිව් වසරකින් ඔටුනු
පළඳිනා අභිලසින්..





No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..