.....

සුබෝපන්දිනක් මගෙ අම්මේ😍

පුර සඳක් වී මහසේ දිදුලන 
මගේ ලොව ඉන් පුබුදුවාලන 
දුටු මතින් නෙත් සනාලන රුව
ඔබයි මගෙ අම්මේ..❤️

ලොවක් මවෙතට එරෙහි වූවත්
නුඹේ පණ මා වෙත පුදන්නට 
මසිත් දෙවොලේ අරක්ගත්
දෙවඟනයි ඔබ අම්මේ..❤️

හිතට දිරි ගෙන ඉගෙන ගන්නට
අතිර ලොව නොසැලීම ඉන්නට
ප්‍රේමණීයම මහා ගුණ කඳ 
ඔබයි මගෙ අම්මේ..❤️

සුව සුභෝපන්දිනක් මගේ අම්මේ..❤️ ඔයා ළඟ නැති අඩුව හුගක්ම දැනෙන මේ පාලු දවස් වල ඉක්මනින්ම ගෙවිල යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 🙏 පරිස්සමින් සතුටින් ඉන්න අම්මේ..😍 තෙරුවන් සරණයි...



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..