.....

සරසවිය

නිදි නොනිදි මහ රැයක
උදෑසන පිබිදුමයි
යන්නටම හිත නොදෙන
සෙනෙහෙ ළඟ අසරණයි
හිත මගේ කියන්නෙම
ඔවුන් ළඟ ඉන්නමයි
අනේ මං දුටු හීන
අද හරිම දුක් බරයි..

ජීවිතය කියන්නෙම
හරිම දුර ගමනක්
සරසවිය කියන්නේ
එහි තවත් නැවතුමක්
සවිය සොයනා දිවියෙ
ලස්සනම ඇරඹුමක්
නොයා ඉන්නටම බැරි
හැබෑ උන හීනයක්..

2022.05.04
වාසු..




2 comments:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..