.....

කාලය නපුරු නෑ සොදුර..

කාලය නපුරු නෑ සොඳුර 
අපි රැගෙන වේගෙන්
ගිය එක පමණමයි,
එය කළ එකම වරද,

දුක රැගෙන පැමිණි හැමවර
ටිකක් වැඩියෙන් නතර වී සිටියද,
රැගෙන ආ පුංචි සතුට වුව,
රදවා තැබුවා නෙවෙද මතකයේ 
ලෙසින් කිසි දිනක නොමැකෙන,

අද වගෙම හෙටත් සොඳුර 
කාලය අපි රැගෙන යාවි,
අපිත් තව බොහෝ දුර
අත්වැල් බැඳන් එ සමඟ යාවි,

කෙසේ හෝ දුක් කදුළු
සිනහවෙන් සේදී
අපි අපේ වෙන දිනක් 
කාලය ම රැගෙන ඒවි,,


No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..