.....

නුඹේ උන මගේ පෙම..

නීතියෙන් උබේ ළග
වැජබෙනා ඔය කෙල්ල
සිහිනෙනුත් හැමදාම
මගේ සෙනෙහෙ පතනවා

උඹ කොහොම සැනසුවත්
ඇගේ මුදු මල් හැගුම්
අදත් ඈ මගෙ මතක
මතක් කර හඩනවා..

මැණික නුබ මගෙ නේද
උඹ හොරෙන් ඇහුවාම
මගෙ වදන් මතක් වී 
ඇගේ හිත රිදෙනවා

පෙර පවක් පලදීලා
අපි අපෙන් වෙන් උනත්
මතු මතුත් අපෙ වෙන්න
තවම පිං පුරනවා


පරිස්සම් කරා මං
මගේ ඇස් දෙක වගේ
ඒ නිසා ඒකි අද
උබේ ළග ඉන්නවා..

කොහේ හරි වැරදිලා
අපි අපෙන් වෙන් උනත්
ඈට පිදු පෙම නිසා
තනිකඩව ඉන්නවා..😞



1 comment:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..