සමහරවිට අපේ සංසාර පුරුද්දක් ඇති..
කාලයක් වෙන් වෙලා හිටපු අපි ආයෙම හමු උනේ ඒ නිසා වෙන්නැති..
එ කොහොම උනත් අපි අපිට හිමි නැතුවැති..
මේ වගේ වෙන් වෙන්න උනේ එ හන්දා වෙන්නැති..
අමතකම කරනවා කියලා හිතුවත් තවමත් මට ඔයාව මතක් වෙනවා.
ඔයාටත් එහෙම වෙන්නැති කියල මම හිතනවා..
කෝල් කරලා අහන්නත් හිතෙනවා..
ඇහුවොත් ඔයාට කේන්ති යයි කියලා හිතලා නාහා ඉන්නවා...
ඇත්තටම රන් තවම ඔයාට මාව මතකද?
අත් දෙක පටලන් ඇවිදපු හැටි ඔයාටත් මැවෙනවද..?
ඔයා දීපු හැම දේම අදටත් මං ළඟ තියෙනවා..
ඒවා දකිද්දි අපේ මතක තව තව මැවෙනවා..
මොනවා කරන්නද.. අපිට අපි හිමි නෑනෙ..
ඒ වෙලාවට මෙහෙම හිතල මම හිත හදාගන්නවා..
අම්මලා ලොකු පුතාට මනමාලියෝ හොයනවා ඇති නේද?
අනේ කතා කරලා අහන්නත් හිතෙනවා.. එහෙම හොයන්න එපා කියලා කියන්නත් හිතෙනවා..
ඒත් මම කොහොම එහෙම කියන්නද?
කොහෙන්ද මට එච්චර හයියක්.. ඔයාව නැති කරගත්තෙත් මමනි..
ඒ වෙලාවට මම මටම දොස් කියනවා..
හැම වැරැද්දක්ම මගේ..
ඇයි මම එහෙම කරේ.. මම මටම බැන ගන්නවා..
ලොකු අක්කා තවම මාව අහනවද?
අයිය නම් තවම බනිනවැති..
නන්ගිත් තවම මතක් කරනවැති..
එයාව මතක් වෙද්දි නම් ඇත්තටම දුක හිතෙනවා..
ආයෙ කවදාවත්ම මගේ වෙන්න බැරිද..
කතා කරල අහන්නත් හිතෙනවා..
ඇහුවොත් බනිනවා කියලත් දන්නවා..
ඇයි මේ තරම් නපුරු දෛවයක් මටම..
ඉකි ගගහ අඩන්නත් හිතෙනවා..
එකම එක දවසක්වත් ඇතුගල ගියෙ නැද්ද?
ඇතුගල පුරාවටම අපේ මතක ඇති නේද?
මට නම් ආයෙ කවදාවතම ඇතුගල යන්න බැරි වේවි..
අපේ මතක සැමරුම් අපිට වගේම ඇතුගලටත් මතක ඇති..
ආයේ දවසක අපි හමු උනොත් කළුතර බෝදියට යමු..
ඉස්සරම දවසක වගේ නෙලුමක් පුදලා පැතුමක් පතමු..
දන්නවද මොකද්ද කියලා..
ආයේ කිසිම ආත්මෙක මේ වගේ වෙන් නොවන්න කියලා..😥
දැන් මගේ ජීවිතේ කඳුළු විතරමයි..
ඔයා ගියපු දවසෙ ඉදලම හරි පාළුයි..
ඔයා හිටියනම් හිනා වෙන්න තිබ්බා..
ඉද හිටක හරි රන්ඩු වෙන්න තිබ්බා..
දැන් කොහොම මං හිනාවෙන්නද?
ඒකත් මට අමතකයි..
සතුටින් සැනසීමෙන් ඉන්නවද..?
අලුත් දෝනි කෙනෙක් එහෙම ළඟ නෑ නේද?
සතුට තියෙන්නෙම ඔයා ළඟ..
ඔයා ගියාම මට හිතුනෙම එහෙම..
දැන් ඉතින් මොනවා කරන්නද..
මට අහිමි උනු සතුට සැනසීම ඔයාටවත් හිමි වෙන්න කියලා පතන්නම්..
සතුටින්ම ඉන්න..
ප.ලි - සමහර අහිමි වීම් වල වටිනාකම දැනෙන්නෙම ඒවා අපෙන් හුඟක් දුර ගියාට පසුය..
😍😍👍
ReplyDeletethank u
Delete❤️
ReplyDeletethank u
Delete❤️
ReplyDeletethank u
ReplyDelete