.....

සුදු මහත්තයෝ..❤️

සුදු මහත්තයෝ..
පාට නොකරපු චිත්‍රයක් වගේ උනු
මගේ ජීවිතේ,
ලස්සනම ලස්සනට පාට කරේ ඔයා ❤️
දන්නවද.. 
කතා කරපු මුල් දවස් වලම 
ඔයා අහපු ඒ කතාව ඇත්ත.. 
මම හරි ලෝබයි ආදරේට..
ඒත් ජීවිතේ එක කාර්තුවක
මුන ගැහුනු අමුතු ආදරයක් නිසා
මට ආදරේ එපා උනා..
හුම්ම්..
ආදරේ විසින්ම මට ආදරේ එපා කෙරෙව්වා..💔
ඒත් අහම්බෙන් මුන ගැහුනු ඔයා නිසා
ඒ හැගීම වෙනස් උනා..
ඉතින් දැන් 
ජීවිතේ විදින්න වගේම
විදවන්නත් මට ඔයාව ඕනි..
ළඟ ඉදන් හිනා වෙන්න වගේම
දුකකදී කෑ ගහලා අඩන්නත් මට ඔයාව ඕනි..😍
හිතේ තියෙන හැම හීනයක් හැබෑ කරගන්නම
මට ඉතින් ඕනි ඔයාවම විතරයි..❤️
ඔයාගෙ ඇස් වලින් ආදරේ විදිනකොට
ජීවිතේ සැහැල්ලුයි බබො
ඉතින් මේ දැනෙන ආදරේට..
මාත් ආදරෙයි පැලෙන්න❤️



1 comment:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..