නින්ද නොයන හැම රෑකම
හිත හොයන්නෙම ඔය රුව..
දන්නවද?
මම ආසම නින්ද යනකල්
ඔය කටහඬ අහන් ඉන්න..
මොකක්ම හරි විහිළුවක් කරල මාව හිනස්සලා හිනාවෙන ඔයාගෙ හිනාවටත් මම ආසයි..
ආයේ ඒ දවස් කවද නම් ඒවිද?
සමහරවිට එන්නෙ නැති වේවි..
මොකද මගේ නොවෙන තැනක
හරි අපූරුවට ඔයා නැවතිලා..
ඉතින් කොහේ උන්නම මොකද? ඔයා සතුටින් නම්,
පුලුවන් වේවිද මට එහෙම හිතල හිත හදාගන්න..
බැරි උනත් කරන්නම වෙනවා,
මොකද? වෙන කෙනෙක්ගෙ දෙයක් ගැන හිත හිත
හිතින්වත් මට පව් පුරවගන්න
ඕනි නැති නිසා..🙏
No comments:
Post a Comment