ඇයත් දියණියක්
ඔබ මා මෙන්ම
මා පිය සෙනෙහසේ දැවටුණු..
ඇයද යුවතියක්,
හිරිමල් වියේ
කෙළිලොල් බවින් වැඩුණු..
ඇයත් පෙම්වතියක්,
දගකාර පෙම්වතෙකුගේ
තුරුලේ සැනසුණු..
ඇයද මවක්,
පියෙකු නොමැති දරුවෙකුට
ජන්මය ලබා දුන්,
තියෙන්නට ඇති
නොයෙකුත් හීන
දිවා රෑ පුරා
ජීවිතය ගැන දැකපු..
අන්ධ වෙන්නට ඇති
ප්‍රේමයේ නාමයෙන්
කුළුදුලේම දැනුණු,
නොදැනුවත්කම නිසාම
සල්ලාල පෙම්වතෙකුගේ
රාග ගිණි නිවන්නට ඇති..
අවසානයේ
මහ මගම
ප්‍රසූතිය සිදු වන්නට ඇති..
දැනෙනවා ඇති ඇයටත්,
දාරක ස්නේහය
අනෙක් මව්වරුන්ට සේම,
හැරවෙන්නට ඇති රුහිරු
උතුම් මව් කිරි බවට,
අසරණ ළදුනි,
ඉතින් නොහඩන්,
කවුරු කෙලෙස නුඹව
නිර්වචනය කල ද,
නුඹෙ සිඟිති පුතුට,
නුඹ රැජිනකි..
😥 ලස්සනයි...
ReplyDeleteලස්සනයි
ReplyDelete😍🖤
ReplyDelete❤️❤️
ReplyDeleteලස්සනයි
ReplyDeleteලස්සනයි
ReplyDelete❤️😍
ReplyDelete