.....

ප්‍රේමයේ නගරය

 



සුමුදු ඔය අත් පටලාවාගෙන
වීදියේ පිය මනින්න..
පැතූ පැතුමන් මටත් තිබුනා
සිතේ හැම කොන් පිරෙන්න..

මාලිගාවට මලුත් අරගෙන
හිතේ හැටියට වදින්න
යන්න හිතුනා නුවර වැව වට
සිහිල් සුලගත් විදින්න..

ශේශ වී යන අපේ ප්‍රේමය
නමට සුබ සෙත් පතන්න
නොයෙක් පැතුමන් තියෙන්නට ඇති
නුබව විනිවිද දකින්න

දෛවයේ සරදමක් විලසින්
අතෑරුන මුත් අපේ අතැගිලි
මතු භවේවත් මුන ගැහෙමු අපි
එකම මග මේ ලෙසින් යන්නට..

වාසනා වීරසිංහ 

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..