නිමිත්ත: දුම්රියට පැන සිය දිවි හානි කරගත් තරුණියගේ ලියමනක්
නුපුරුදුම නුඹේ ඇස් අහම්බෙන් හමු වුනා
සසරෙ හුරු පුරුද්දකට මෙන් ළං වුනා
දුර දිගත් නොසිතාම අපිත් ඉක්මන් වුනා
විවාහය සිදුවෙලා වසරකුත් ගත වුනා
මුලදි තිබු පෙම අනේ ටික ටික දුරකටම යා වුනා
නොසිතනා තැන් වලදි මගෙ සිතත් පෑරුනා
බොරු වැරදි සොය සොයම නුඹ දුරක පා වුනා
නුඹ ගලක්, මම මලක් එය පසුව තේරුනා
නිමක් නැති දොස් පරොස් හිතට දැන් පුරුදුයි
ඉවසුවේ හැමදේම ආදරය හින්දයි
නුඹ වෙනත් තුරුලකට වී සෙහෙහෙ වින්දයි
ඉවසන්න බැරි වෙච්ච කාරණය එයමයි
මගෙ තුරුලෙ උන්නු නුඹ වෙන තැනක සැනසෙයි
ලෝකයට වැරදි ලෙස පෙනෙන්නෙත් මාවයි
නුඹෙ ලෙයින් පිරුණු මගේ කුසත් දැන් මෝරයි
මගෙ පුතුගෙ පියා දැන් අපෙන් දුර ඈතයි
කී කතා මැව් සිහින හැමදේම සිහිවුනා
කරන්නට කිසි දෙයක් සිතාගනු බැරිවුනා
නුඹ නොමැති හෙට දිනක් සිතනු මට බැරි වුනා
අනේ මං ඒ නිසා ගාලු කුමරිට බිළි වුනා
මෙළොව එළි නොදුටු මගෙ රන් පුතේ අහන්න
අනේ නුඹේ අම්මාට පුත කමා කරන්න
එපා නුබෙ පියා ගැන අහිතක්ම හිතන්න
❤️
ReplyDelete😥
ReplyDelete